ශ්‍රී ලාංකීය වෙළඳපල තුල තත්වයෙන් උසස් 100% නැවුම් ස්වභාවික පොල්තෙල් සඳහා, ප්‍රමුකතම නාමය ලෙස COCOMAZE සන්නාමය පෙරමුණ ගෙන සිටී. ශ්‍රී ලාංකීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිති සහතිකද සපුරා ඇති COCOMAZE ස්වභාවික පොල් තෙල්, දේශීය වෙළඳ පලේ ප්‍රමිතිමත් පොල්තෙල් සඳහා සැලකිලිමත් පාරිභෝගිකයා වෙත උසස්ම නිෂ්පාදන තත්ත්ව සහතික කර සිටී.

 

COCOMAZE පොල් තෙල් නිෂ්පාදනය කරනු ලබන්නේ,  ISO 22000 ප්‍රමිති සහතික ලත්, අති නවීන කර්මාන්තශාලාවක් තුළදීයි. මසකට මෙට්‍රික් ටොන් 200 ක ධාරිතාවයකින් යුත් නවීන කර්මාන්තශාලාව සෞක්‍ය ආරක්ෂිතව සහ හරිත සංකල්ප වලට අනුගතව සිය නිෂ්පාදන සිදු කරනු ලබයි.

ශ්‍රී ලාංකීය වෙලදපොලේ තත්වයෙන් උසස් 100% නැවුම් ස්වභාවික පොල්තෙල් සදහා ප්‍රමුකථම සන්නාමය

COCOMAZE පොල් තෙල් නිෂ්පාදනයේ දී “කොප්පරා” භාවිතා නොකරයි. එනිසාම සාමාන්‍ය පොල් තෙල් නිෂ්පාදනයේදී භාවිතා වන “කොප්පරා” ගබඩා කර තැබීමේදී වර්ධනය වන පිළිකාකාරක, විෂ සහිත දිලීර / බැක්ටීරියා වලින් ආරක්‍ෂිත වේ. විදිමත් ක්‍රියාවලියක් ඔස්සේ නිපදවනු ලබන පිරිසිඳු පොල් තෙල්, කිසිදු රසායනික හෝ බ්ලීච් භාවිතාවකින් තොරව ස්වභාවිකව පෙරහන් කිරීමෙන් පසු ඇසුරුම්කර වෙළඳ පලට නිකුත් කරනු ලබයි.

 

ශ්‍රී ලාංකීය වෙළඳපලට අමතරව, COCOMAZE ජාත්‍යන්තර වෙළඳ පල සඳහාද ප්‍රමිති සහතික සහිත වර්ජින් පොල් තෙල් නිෂ්පාදනය කරයි. එංගලන්තය, යුරෝපා සංගමයේ රටවල්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ මැද පෙරදිග රටවල්  සඳහා එම වර්ජින් පොල් තෙල්  අපනයනය කරනු ලබයි.

නිෂ්පාදන වල තත්වය වැඩිදියුණු කිරීමට හා ගුණාත්මක තත්වය අකණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය රසායනාගාර පහසුකම් COCOMAZE ආයතනය සතු වන බැවින්, උසස්ම ප්‍රමිතියෙන් යුතු පොල් තෙල් පාරිභෝගිකයන් වෙත ලැබෙයි.

 

ශ්‍රී ලාංකීය ආහාර රටාවේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වන පොල් තෙල්, ප්‍රමිතියකින් තොරව ආහාර පිසීම සඳහා එක් කර ගැනීමෙන් වන හානියෙන් පාරෝභෝගිකයා ආරක්ෂා කර, 100% ස්වභාවික සහ ප්‍රමිතිගත පොල්තෙල් නිෂ්පාදනය මගින් සෞක්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය උදෙසා COCOMAZE ආයතනය කැප වී ක්‍රියා කරයි.

කොකෝ මේස් දීපව්‍යාප්ත වෙළද සැල් ජාලයේ ප‍්‍රථම අලෙවි සැල

පාරිභෝගිකයන්ට විශ්වාසයෙන් මිළදීගත හැකි හොඳම පොල්තෙල් වෙළදපලේ සුළබ කිරීමේ අරමුණින් රට පුරා ස්ථාපනය කෙරෙන කොකෝමේස් වෙළදසැල් ජාලයේ මූලාරම්භය සනිටුහන් කරමින් අපගේ ප්‍රථම අලෙවි සැල කොළඹ නුවර පාරේ ඉඹුල්ගොඩ නගරයේ විවෘත කර ඇත. 

 

මෙයට සමගාමීව කොකෝමේස් නියෝජිත වෙළදසැල් ජාලයක් දිවයිනේ සෑම ප්‍රධාන නගරයකම විවෘත කිරීමට ආයතනය මගින් මේ වන විට කටයුතු සංවිධානය කරමින් පවතී.

 

මෙම වෙළදසැල් ජාලය සමගම මෙතෙක් කලක් පාරිභෝගිකයන්ගේ ගැටළුවක්ව පැවති සෞඛ්‍යාරක්ෂිත, ප්‍රමිති සහතික සහිත, 100% ස්වාභාවික, උසස් තත්වයේ පොල්තෙල් මිළදී ගැනීමේ විශ්වාසවන්තම සන්නාමය කොකෝමේස් වනු ඇත.

කොකෝමේස් පොල් තෙල් නිවසටම ගෙන්වා ගැනීම සඳහා Online සේවාව

ප්‍රථම අදියරේදී මෙම කඩිනම් බෙදාහැරීමේ ජාලය – කොළඹ, ගම්පහ, නුවර සහ කුරුණෑගල නගර ආශ්‍රිතව ක්‍රියාත්මක වේ.

 

අපගේ delivery නියෝජිත මහතුන් මගින් ඔබ අප වෙත ලබාදෙන ඇණවුම් දින 2-3 ක් ඇතුලත කඩිනමින් නොමිලේ නිවසටම ප්‍රවාහනය කරදීමට අපට හැකියාව ඇත. 

 

ඇණවුමක් ලබාදීම සදහා ඔබ කළ යුත්තේ 0770029965 අපගේ  hotline අංකය වෙත WhatsApp පණිවිඩයක් මගින් ඔබේ නම සහ ලිපිනය ලබාදීම පමණි. 

Delivery සේවාව දැනට ක්‍රියාත්මක නොවන නගර සදහා මුදල් තැන්පත් කිරීමෙන් පසු courier ඔස්සේ ඔබට අවශ්‍ය භාණ්ඩ ලබාගත හැක. ප්‍රථම අදියරේදී මෙම කඩිනම් බෙදාහැරීමේ ජාලය – කොළඹ, ගම්පග, කළුතර , නුවර සහ කුරුණෑගල නගර ආශ්‍රිතව ක්‍රියාත්මක වේ.

ස්වභාවික පොල්තෙල්

NATURAL COCONUT OIL

පිරිපහදු කරන ලද පොල් තෙල්

REFINED COCONUT OIL

වර්ජින් පොල් තෙල්

VIRGIN COCONUT OIL

ගුණාත්මකභාවයෙන් ඉහල කොකෝමේස් පොල් තෙල්ම ඔබ තෝරා ගත යුත්තේ ඇයි?

සාමාන්‍ය පොල් තෙල් නිෂ්පාදනයේදී සහ කොප්පරා වියලීමේදී, නියමිත උෂ්ණත්වය පවත්වා ගැනීම හෝ නිෂ්පාදනයේ අනෙකුත් අංශ ගැන එතරම් සැලකිල්ලක් නොදක්වයි. විවෘත හිරු එලියේ හෝ දුම් ගසා වියලීම බොහෝ විට කොප්පරා නිෂ්පාදනය කරන සුලබම ක‍්‍රම වේ. මෙවැනි ප‍්‍රමිතියකින් තොර ක‍්‍රම මගින් කොප්පරා නිපදවීම සහ ඒවා කාලයක් ගබඩා කර තැබීම මගින් පොල් තෙල් ඉක්මනින් මුඩු වීමට සහ දිලීර වර්ධනය වීමට හේතු වේ.

කොකෝමේස් පොල්තෙල් නිෂ්පාදනයේදී, කොප්පරා භාවිතා නොකරයි.

 

අප ඒ සඳහා එදිනම බිඳ ගත් පොල් මදය මල නොබැඳන වානේ යොදා සකස් කල තාපය පලානය කල හැකි පෝරණු භාවිතා කර වියලා ගෙන අනතුරුව අඹරා තෙල් ලබා ගනී. මේ ආකාරයෙන් නිපදවනු ලබන පොල් තෙල් ඉතා ස්ථායී, පිරිසිදු හා සැහැල්ලූ රන්වන් පැහැයක් ගනී.

එමගින් කොකෝමේස් පොල්තෙල් වල ස්වාභාවික රසය සහ අව්‍යාජ සුවඳ නොනැසී පවතී. ප‍්‍රශස්ත උෂ්ණත්වයට පොල් මදය වියලීම නිසා, පසුකාලීනව ඇෆලටොක්සින් වැනි දිලීර වර්ධනයක් සිදු නොවේ.

පොල් තෙල් වලින් ආහාර පිසීම වඩාත් සෞක්‍ය සම්පන්න වන්නේ කෙසේද?

පොල් තෙල් වල වැඩි ප්‍රමාණයක් ඇත්තේ සංතෘප්ත මේදය වුවත්, ඉන් බහුලව ඇත්තේ (62-65%) නොහොත් මධ්‍යම දාම මේද අම්ලයි (MCT). සාමාන්‍යයෙන් දිගු දාම මේද අම්ල වලට වඩා  MCT අම්ල මිනිස් සිරුරට හිතකර වේ. එනම්, MCT අම්ල ඉතා ඉක්මනින් ශක්තිය බවට පරිවර්තනය වී වැය වන අතර, ඒවා මේදය වශයෙන් ශරීරයේ තැන්පත් නොවේ. පොල් තෙල් වල ඇති MCT අම්ල ප්‍රධාන වර්ග 04 කි. එනම් Lauric acid, Caprylic acid, Caproic acid සහ Capric acid වශයෙනි. මේ අතරින්ද වැඩිම ප්‍රතිශතයක් ඇත්තේ මව් කිරි වල පවා ප්‍රධාන සංඝඨකය වන Lauric acid ය.

පොල් තෙල් මගින් රුධිරයේ කොලෙස්ට්‍රෝල් සදහා හානියක් ඇති නොවන්නේ, එමගින් වැඩි කරනු ලබන්නේ HDL (high-density lipoprotein) හෙවත් අපගේ සිරුරට හිතකර කොලෙස්ට්‍රෝල් වර්ගය නිසාය. එය රුධිරයේ ඇති අහිතකර කොලෙස්ට්‍රෝල් ඉවත් කිරීමට දායක වන බැවින්, හදවතට හා අක්මාවට හිතකර වෙයි. එමෙන්ම, රුධිර පීඩනය අවම කිරීමේ හැකියාවක්ද පොල් තෙල් වලට ඇත.

පොල් තෙල් විටමින් බහුල තෙල් වර්ගයක් නිසා සම, හිසකෙස් හා දත් නිරෝගී කිරීමට බෙහෙවින් උපකාරී වේ. පොල් තෙල් සමෙහි ආලේප කිරීම මගින් සමේ තෙතමනය ආරාක්ශා කරයි. එමෙන්ම, පොල් තෙල් හිස ගැල්වීමෙන් පොල් තෙල් හිස ගැල්වීමෙන් හිසකෙස් වලට ඉතා හොඳ පෝෂණයක් ලැබෙයි.

පොල් මදයේ ගුණ එලෙසින්ම සුරැකිව Coco-maze පොල් තෙල් හැදෙන හැටි

100% ස්වභාවික Coco-maze පොල් තෙල් නිෂ්පාදනය සඳහා යොදා ගන්නේ අපේම පොල් වතු වලින් නෙලා ගන්නා නැවුම් පොල් පමණි. එමෙන්ම Coco-maze පොල් තෙල් නිෂ්පාදනය වන්නේ දැනට පොල් තෙල් නිෂ්පාදනය සඳහා ලෝකයේ භාවිතා කරන නවීනතම Expeller-Press ක්‍රමය භාවිතයෙනි. 

 

මෙහිදී, මුලින්ම පොල් ගෙඩියේ කට්ට ඉවත්කර පිරිසුදු ජලය යොදා පිරිසිඳු කරගනු ලැබේ. ඉන්පසු දෙපලු කර ගන්නා පොල් මදය වතුර ඉවත් කර නැවතත් පිරිසිදු කර ගෙන, යන්ත්‍ර අනුසාරයෙන් කුඩා කැබලි වලට කපාගනු ලැබේ.

 

තෙල් නිෂ්පාදනය ට ප්‍රථම මෙම කුඩා පොල් කැබලි, 80 C අඩු උෂ්ණත්වයක් සහිත වාෂ්ප Dryer යන්ත්‍රයක් මගින් වියලා ගැනීම සහ අනතුරුව සිසිල් කර ගැනීම සිදු කරයි.

 

මෙසේ සිසිල් කරගත් කුඩා පොල් කැබලි, Expeller යන්ත්‍ර මගින් අඹරා ගැනීමේන් පරිසිදු පොල් තෙල් ලබා ගනී. 

 

ඇසුරුම්කරණයට ප්‍රථම, කිසිම රසායනික භාවිතයකින් තොර කපු රෙදි යොදාගත් පෙරහන් යන්ත්‍රයක් මගින් දෙවතාවක් පෙරහන් කර ගන්නා 100% ස්වභාවික Coco-maze පොල් තෙල් ඇසුරුම් කිරීමෙන් පසු වෙළඳ පලට නිකුත් කරනු ලැබෙයි.

 

මෙහි විශේෂත්වය වන්නේ, පොල් ගෙඩිය කටු ඉවත් කරන වෙලාවේ පටන් තෙල් නිෂ්පාදනය දක්වා ක්‍රියාවලිය නොනැවතී දිනකට අඩු කාලයක් තුල අවසන් කිරීමයි. මෙම cold-press ක්‍රමය භාවිතයේදී, සාම්ප්‍රදායික ක්‍රමයේ දී මෙන් කොප්පරා  භාවිතයක් සිදු නොවේ.

 

එමන්ම නිෂ්පාදනයේදී භාවිතා කරන සියලුම යන්ත්‍ර සුත්‍ර ආහාර නිෂ්පාදනය සඳහා ප්‍රමිතිගත සුදු යකඩ ලෝහයෙන් නිපදවා ඇත.

 

වර්ජින් පොල් තෙල් සහ 100% ස්වභාවික සුදු පොල් තෙල් අතර එකම වෙනස වන්නේ, වර්ජින් පොල් තෙල් නිෂ්පාදනයේදී පොල් ගෙඩියේ දුබුරු පැහැති කුරුට්ට ඉවත් කිරීම සහ සුදු පොල් තෙල් සඳහා එම කුරුට්ට ඉවත් නොකිරීමයි. 

 

ලෝකයේ බොහෝ රටවල අද වන විට සිය පර්යේෂණ මගින් සොයාගෙන ඇති පරිදි  මව් කිරි වල ඇති ලොරික් අම්ලය සහ වීසබිජ නැසීමේ ප්‍රති-ඔක්සිකාරක ගුණය පොල් මදයේ පවතී. එනිසා බෝ නොවන රෝග වැළැක්වීමේ ප්‍රති-ඔක්සිකාරක ගුණය පොල් තෙල් වල ඇත. මෙම ප්‍රති-ඔක්සිකාරක ගුණය වැඩි වශයෙන් ඇත්තේ පොල් ගෙඩියේ දුබුරු පැහැය සහිත කුරුට්ටේ වීම විශේෂයි.

 

පාරිභෝගික අදහස්

අප හා සම්බන්ධ වන්න.

කාර්යාලය

Cocomaze Exporters Asia Pvt Ltd
නො. 139/4, නුවර පාර, ඉහළ ඉඹුල්ගොඩ, ඉඹුල්ගොඩ.

කර්මාන්ත ශාලාව

RMR Coconut Products Exporters Pvt Ltd
නො. 12, කන්දේ මෙදගම, කොස්දෙනිය, කුරුණෑගල.

ක්ෂණික ඇමතුම් අංකය : 0770029965

තොග ඇණවුම් ක්ෂණික දුරකථන අංකය : 0770029965

ලීටර 20 හෝ ඊට වැඩි ඇණවුම් සදහා

හෝ